කතා ... 

ඔන්න එක රටක හිටියලු සුගතපාල කියල කෙනෙක්.මෙයාට කවුරුත් අදරේට කිව්වෙ සුගතෙ අයියා කියල. මෙයා කා අතරත් හොඳ හිත දිනාගෙන හිටිය කෙනෙක්. රස්සාව විදියට කලේ ගස් සම්බන්ධ දෙයක්, කෙටියෙන් කියනව නම් මෙයා ලී මෝලක අයිතිකාරය. හැබැයි ඉතින් ගමේ කාගෙත් හොඳ හිත දිනාගෙන හිටියලු.

ඔන්න ඔහොම ඉන්නකොට මේ සුගතෙ අයිය ඉන්න පළාතෙත් තිබ්බලු මනාප පොරයක්, සුගතපාල මහත්තයත් මේ චන්දෙට ඉල්ලන්නයි ලෑස්තිය. ගමේ පිරිමි උදවිය බැහැලම වැඩ සුගතෙ අයියව දිනවන්න. ඔන්න ඉතින් හැමෝම වගේ, මේ සුගතෙ අයියත් පෝස්ටර්  ව්‍යාපාරයක් පටන් ගත්ත. දැන් ගමේ කොල්ලො ටික පෝස්ටර් ගහනව,

ලොකු ගස් වල ගහල තිබ්බලු " අපි සුගතෙට කියල"

 ටිකක් පොඩි ගස්වල තිබ්බෙ " අපිත් සුගතෙට තමයි" කියලලු .

කොහොමින් හරි දැන් පෝස්ටර් ගහල ඉවර වෙලා, මහන්සි වෙච්ච ඇත්තො සප්පායම් වෙලා එහෙම බැලුවම ගමේ තියෙන පොඩි පොඩි ගස් වල පෝස්ටර් වැදිල නෑ.ඊට පස්සෙ අලුතෙන් පෝස්ටර්යක් ඇඳල ගැහුවලු පොඩි ගස් වල " ලොකු උනාම අපිත් සුගතෙට" කියල.

 

( ඇත්ත කතාවක් නම් ගම් මනංකල්පිතයිලු හොඳේ ) .. 

____________________________________________________________________________________________